Subscribe:

අරුණැල්ලෙන් බිඳක්..........

  • අල්ලස හා දූෂණය වළකමු

    අල්ලස හා දූෂණයෙන් තොර රාජ්‍ය ‍සේවයක් සඳහා චිත්‍ර තරඟය, තොරා ගත් චිත්‍ර කිහිපයක්...

  • අරිසිමලේ

    අරිසිමලේ සුන්දර වෙරළ තීරයේ අසිරිය විඳින්නට ගිය ගමනේදී....

  • අල්ලස හා දූෂණය වළකමු

    අල්ලස හා දූෂණයෙන් තොර රාජ්‍ය ‍සේවයක් සඳහා චිත්‍ර තරඟය, තොරා ගත් චිත්‍ර කිහිපයක්...

  • අල්ලස හා දූෂණය වළකමු

    අල්ලස හා දූෂණයෙන් තොර රාජ්‍ය ‍සේවයක් සඳහා චිත්‍ර තරඟය, තොරා ගත් චිත්‍ර කිහිපයක්...

  • නිල වෙබ් අඩවිය

    කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවිය භාෂා ත්‍රිත්වයෙන්ම සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරේ. ග්‍රාමනිලධාරි නයීම් මහතා වෙබ් අඩවියේ දමිළ භාෂා අංශයේ කටයුතු සිදු කරන ආකාරය....

  • ශ්‍රමදාන

    හල්මිල්ලවැටිය පන්සලේ පැවති ශ්‍රමදානය සඳහා අපේ දායකත්වය

  • ආරක්ෂක

    කැබිතිගොල්ලෑව ඉදිරි ආරක්ෂක වළල්ල සෑදීමේ කටයුතු සඳහා සහභාගි වූ අවස්තාවක මතකයන්....

  • ශූරතාවය සමග

    දිස්ත්‍රික් ශුරතාවය ජයග්‍රහණය කල අපේ කණ්ඩායම

  • ඩෙංගු මර්ධනය

    ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමිය තුල ඩෙංගු මර්ධන වැඩසටන් ක්‍රියාත්මක කිරීම

Tuesday, November 13, 2012

රජයේ සේවකයන් සඳහා මොබිටෙල් වෙතින් "උපහාර ඉන්ටනෙට්"

මොබිටෙල් ආයතනය විසින් විදුලි හා තොරතුරු තාක්ශණ අමාතයංශය හා සම්බන්ධව, රාජ්‍ය සේවකයන් සහ රජයේ විශ්‍රාමිකයන් වෙනුවෙන්, මව්බිම වෙනුවෙන් කෙරූ ඔවුන්ගේ සේවය අගයකරමින් හදුන්වාදෙනු ලබන අන්තර්ජාල පැකේජය; "උපහාර ඉන්ටනෙට්".

මාසික ගාස්තුව 299
නොමිලේ ලැබෙන දත්ත
මධ්‍යම රාත්‍රී 12- පෙ.ව.9.00 3 GB
පෙ.ව. 9.00 - මධ්‍යම රාත්‍රී 12 2 GB
අමතර භාවිතා කරන (දත්ත) සඳහා අය කිරීම 1MB සඳහා ශත 20
නැවත ලබාගත හැකි තැන්පතුව නොමිලේ
ඇතුලත් වීමේ ගාස්තුව (රු.) 1000
උපරිම වේගය (Downlink) 3.6 Mbps
උපරිම වේගය (Uplink) 1.98 Mbps
මූලික ණයවර සීමාව (රු.) 1000
ඩොන්ගල් මිල - උපහාර පැකේජය දැනටමත් ලබාගෙන ඇති රාජ්‍ය සේවකයන් සඳහා නොමිලේ
ඩොන්ගල් මිල - උපහාර පැකේජය දැනටමත් ලබාගෙන නෙමැති රාජ්‍ය සේවකයන් සඳහා (රු.) 1,490

Mobitel and Ministry of Telecommunication & Information Technology launch revolutionary Upahara Internet Package for state sector employees



In its continuous efforts in revolutionizing the ICT sector, Sri Lanka Telecom Mobitel – the country’s National Mobile Service provider launched ‘Mobitel Upahara’ for state sector employees back in 2008. Today, in a move to further empower employees of the state sector, Mobitel along with the Ministry of Telecommunication & Information, now offers a value added internet service.

In line with the Government’s vision as per the Mahinda Chinthana Idiri Dakma programme to make Sri Lanka the Wonder of Asia, Mobitel has already initiated many a project to uplift the ICT sector of Sri Lanka. It is in line with these efforts that Mobitel has now introduced ‘Upahara Internet’ along with the Ministry of Telecommunication & Information Technology – thereby envisioning to improve not only the interaction and knowledge of those employed in the state sector but also that of their children and their families.

Upahara Internet now offers dongles free-of-charge to all existing Upahara customers who are state sector employees. The monthly rental on this package, offered with an attractive data bundle is only Rs 299/=.”

Speaking at the launch of the product, Mobitel’s CEO, Mr. Lalith De Silva emphasized that, “Mobitel has always dedicated itself towards supporting the Government in its efforts to develop ICT in Sri Lanka. We have already established several IT centres at grass-root levels, emphasizing our efforts in taking ICT to even the most remote areas. We have been successful at providing network coverage to many areas which are not yet under the purview of any other mobile service company in the country. While we work steadily towards building a knowledge-based economy, we strongly believe that access to technology is a necessity that should be experienced by each and every citizen of this nation.”

“We have always appreciated the state sector employees’ contribution for their efforts in uplifting this country. We must value this service they provide and we are willing to always support them towards their further development,” he said, “Just as the Mobitel Upahara service became an economic relief for these employees, this internet package will definitely help them to further enhance their knowledge and also encourage them to be more digitally savvy, which will undoubtedly help them to be successful in their future efforts.”

Sharing his views on Mobitel’s revolutionary approach towards state sector employees, the Minister of Telecommunication and Information Technology, Hon. Ranjith Siyambalapitiya added; “At present, ICT has become a necessary pre-requisite for the growth of industrial, services and agricultural sectors. In accordance with His Excellency, President Mahinda Rajapaksa’s vision to make this country the communication hub of Asia, one of the government’s objectives is to empower the state service by means of ICT. In making this vision a reality we have worked closely with Mobitel - the National Mobile Service Provider. Thanks to this initiative, with internet services being provided at such a reasonable price, I believe state sector employees now have the opportunity to further improve their knowledge and be empowered to face the digital world.”

Link to the original article - http://www.dailymirror.lk/business/other/23475-mobitel-and-ministry-of-telecommunication-a-information-technology-launch-revolutionary-upahara-internet-package-for-state-sector-employees.html

Saturday, May 19, 2012

නවකයින් පරදා ලයන්ස් පෙරමුණේ


කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ලයන්ස් කණ්ඩායම සහ නවක උපාධිධාරි කණ්ඩායම අතර තරඟ 03කින් සමන්විත වූ ක්‍රිකට් තරඟාවලිය 2-1 ක් ලෙස ලයන්ස් කණ්ඩායමට ජයග්‍රහණය අත් කර දෙමින් ඊයේ(2012.05.19) නිමා වුනා.

ප්‍රථම තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල ලයන්ස් කණ්ඩ‍ායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කල අතර පන්දුවාර 08 තුලදී කඩුළු 05ක් දැවී ලකුණු 99 ක ඉලක්කයක් ප්‍රතිවාදීන්ට ලබා දීමට සමත් වුවත් දුර්වල පන්දු යැවීම සහ නවක උපාධිධාරි කණ්ඩායමේ දක්ෂ පිතිකරණය හමුවේ තරඟයේ ජය නවක උපාධිධාරි කණ්ඩායමට හිමි වුනා.

ලයන්ස් - 99/4
නවකයින් - 100/4

දෙවන තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල නවකයින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කල අතර පළමු පන්දුවාරය තුලදීම සුපුරුදු දස්කම් ප්‍රදර්ශණය කරමින් නවකයින්ගේ කඩුළු 02ක්ම බිඳ හෙලීමට ලයන්ස් ක්‍රීඩකයින් සමත් වූ අතර, දක්ෂ පන්දු යැවීම හා රැකීම හමුවේ නවක උපාධිධාරි කණ්ඩායමට සියළු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 31 පමණී. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ලයන්ස් කණ්ඩායම පන්දුවාර 03 ක් තුල කඩුළු 02ක් පමණක් දැවී දෙවන තරඟයේ ජයග්‍රහණය වාර්ථා කිරීමට සමත් වුනා

නවකයින් - 31/5
ලයන්ස් - 33/2

තුන්වන තරඟයේ කාසියේ වාසිය නැවතත් නවකයින් ජයග්‍රහණය කල අතර මෙවර ඔවුන් පන්දුවට පහර දීම සඳහා ප්‍රතිවාදීන්ට ආරාධනා කලා. ලයන්ස් කණ්ඩායමේ පළමු කඩුළු 03 ඉක්මනින් දවා ගැනීමට හැකි වුවත් 04 වැනි කඩුල්ල සඳහා නායක ඉන්දික සහ අතුල හොඳ සබඳතාවයක් පවත්වමින් කණ්ඩායම පන්දු වාර 08 අවසානයේදී ලකුණු 84 කරා රැගෙන යාමට සමත් වූවා. නැවතත් සාර්ථක හඹා යාමක් අපේක්ෂාවෙන් පිටියට පිවිසි නවක කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ලයන්ස් කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ සුපුරුදු දක්ෂතාවයන් හමුවේ ලබා ගත හැකි වූයේ සියළු දෙනා දැවී ලකුණු 67 ක් පමණී.

ලයන්ස් - 84/4
නවකයින් - 67/5














Wednesday, May 16, 2012

ක්‍රිකට් තරඟය

කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  කණ්ඩායම සහ පුහුණු උපාධිධාරී  කණ්ඩායම අතර පන්දු වාර 10 ක්‍රිකට් තරඟාවලිය 2012 මැයි මස 19 වෙනි දින කැබිතිගොල්ලෑව මහජන ක්‍රීඩාංගනයේදී පෙ.ව. 9.00 සිට පැවැත්වේ.  

Tuesday, April 24, 2012

Internet users advised not to open malicious email attachments or visit suspect websites

Threat of a blackout from July 9, 2012
A serious threat has cropped up from  a malware that could infect  computers even without the knowledge of their users. 
The malware has been  introduced by a sophisticated internet fraud ring that uses the servers to manipulate people's web browsing.
The way by  which computers are most likely to be infected by this malware is by opening malicious attachments in emails or by visiting suspect websites through links included in an email.
The Sri Lanka Computer Emergency Readiness Team|Coordinating Centre (Sri Lanka CERT|CC) confirms, however, that it has not as yet received any complaints regarding infected computers or any internet users being a victim of this malware. They strongly advise internet users to check if their computers have been infected by this malicious software and remove it if necessary by visiting the following link;  http://www.dcwg.org/detect
To counteract this threat the US Foreign Bureau of Investigation  (FBI)  has decided to shut down several web servers through which infected users' web traffic has been travelling. This shutting down will become effective from July 9, 2012. Consequently thousands of Sri Lankan internet users will be among millions worldwide who will face a total internet blackout from July 9, 2012.
The malware changes a user's domain name system (DNS) settings, diverting all web requests through servers that the FBI seized in November, but has been temporarily maintaining to ensure internet services were not disrupted. This maintenance will finish on July 9, meaning computers still infected will face internet troubles.
The Sri Lanka Computer Emergency Readiness Team|Coordinating Centre (Sri Lanka CERT|CC), yesterday issued a statement appealing to internet users to check to see if their computers were infected.
The Sri Lanka Computer Emergency Readiness Team | Coordinating Centre (Sri Lanka CERT|CC) is  a fully owned subsidiary of the ICT Agency of Sri Lanka (ICTA). It,  is a Government agency mandated with the protection of Information and Information Systems within the state sector,  while extending its services to the private sector and general public. Its services range from responding to and investigating information security breaches, to preventing security breaches by way of awareness creation, security assessments and security capability building. It is a full member and the national point of contact, for both the Asia Pacific Computer Emergency Response Team (APCERT) and the Forum of Incident Response Security Teams (FIRST), which are regional and global associations, respectively, formed to coordinate Internet security efforts between nations. Learn more at www.slcert.gov.lk
and

Sunday, March 18, 2012

ඔබේ පරිගණකයෙන් දරුවන්ගෙ අනාගතය එලියකරන්න

එය ඇරඹුණි…

හන්තාන පසල් පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතිය තුළදි පාසල තුළ පරිගණක විද්‍යාගාරයක් ස්ථාපනය කිරීමට ඇති සැළසුම එලෙසම ඉදිරියට ක්‍රියාත්මක වන අතර ප්‍රාථමික පාසල් සඳහා පංති කාමරය තුළට පරිගණකය රැගෙන යාම නියමු ව්‍යාපෘතියක් ලෙස මලල්ගොඩ පාසැලේදි සිදු විය. ඔබේ වටිනා කාලයෙන් එක් මොහොතක් ගතකර මෙම සටහන කියවා පාසලට හන්තාන ලිනක්ස් ලබා දුන් පළමු දිනයේදීම දරුවන් ගේ ප්‍රථිචාරයන් සහ පාසැල් ගුරුමණ්ඩලය මෙන්ම දෙමාපිය අදහස් කෙරෙහි සවන් දෙන්න.
“හොදම දේ දරුන්ට” යන්න සනාථ කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ . ඉමදූව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ හබරාදුව අධ්‍යාපන කොට්ඨායේ ගා/මලල්ගොඩ සිරිසීවලී ප්‍රාථමික විද්‍යාලයේ පලමු වසර දරුවන් සදහා අධ්‍යාපනික මෙවලමක් ලෙස හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය හදුන්වා දීම 2012 ජනවාරි මස 30 වන දින සිදු විය.
වසරක් පමණ වසා දමා තිබු මෙම පාසල නැවත 2012 ජනවාරි මස 16 වන දින පාසල් 1000 ව්‍යාපෘතිය තුල පෝෂිත පාසලක් ලෙස ඇරඹීම සිදුවිය . මෙම ඇරඹුම සදහා පූර්ණ දායකත්වය ප්‍රදේශවාසීන්ගෙන් සහ දෙමාපියන් ගෙන් ලැබීතිබුනි. බහුතරයක් දෙනා එදිනෙදා රැකියාවන් සහ පෞද්ගලික ආයතනවල රැකියා කරන්නන් වීම විශේෂත්වයකි. එසේම මෙහිදී දක්නට ලැබුන සුවිශේසී කරුණක් වූයේ එදිනෙදා සාමාන්‍ය කම්කරු රැකියාවක් කරන පියකු සහ විදේශ ගතව ගෘහ සේවා රැකියාවක් කර මුදල් උපයාගත් මවක ගෙන් යුත් පවුලක් විසින් මෙම පාසල සඳහා රුපියල් 12000/= පමණ වටිනා පරිගනකයක් පරිත්‍යාගකිරීමයි.
මෙහි දී එම මවගෙන් මෙම පරිත්‍යාගය පිළිබඳ කරුණුවිමසීමේ දී ප්‍රකාශ කරන ලද්දේ තම දරුවා වෙනත් පාසලකට යාමට සිදුවූවා නම් ඇයට මසකට ත්‍රිරෝද රථ ගාස්තු වශයෙන් රුපියල් 1200/=ක් පමණ වැය කිරීමට සිදුවන බවත් , වසරක දී රුපියල් 12000/= පමණ වැය කිරීමට සිදුවන බවත්ය. එබැවින් එම මුදල පරිගනකයක් මිළ දී ගැනීම සඳහා පරිත්‍යාග කර තම දරුවාට මෙන්ම අනෙකුත් දරුවන්ට ද එමගින් අධ්‍යාපනය ලබා දීමට ඉඩසලසා දීම තමාගේ අරමුණ බව පැවසූ ඇය ඒ පිළිබඳව ඉතාමත් නිහතමානීව සතුටුවන බව ද ප්‍රකාශ කලේය.
මෙවැනි දූර දර්ශී අදහස් ඇති ග්‍රාමීය ජනතාවක් මෙම පාසල හා සම්බන්ධවී සිටීම මෙම පාසල තුල හන්තාන මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරමින් ප්‍රාථමික අධ්‍යපනය සඳහා දායකත්වය සැපයීමට ප්‍රධාන කරුණක් විය. තවත් සමහර දෙමාපියන් දිවා කාලයේ තම එදිනෙදා සාමන්‍ය කම්කරු රැකියාව කර පසුව රාත්‍රිකාලයේ නිදිමරමින් පාසල් ගොඩනැඟිලි හා භාණ්ඩ සංවර්ධනය කිරීමට කැපවනු දැක ගත හැකිවිය.
පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 15 දෙනෙකු වූ අතර විදුහල්පති තුමා සහ 1ශ්‍රේණය භාර ගුරු තුමිය සමඟ ඉංග්‍රිසි විෂය සඳහා ගුරුතුමියක් ද සිටියහ. ප්‍රාථමික අධ්‍යාපනය සඳහා හන්තාන අධ්‍යාපනික මෘදුකාංග භාවිත කල පළමු දින අපට විශේෂ සිදුවීම් කීපයක් දැකබලා ගැනීමට හැකිවිය.එක් පරිගනකයක් තිබූබැවින් එදින හබරාදූව කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයට අයත්ව තිබූ “මල්ටිමීඩියා” ප්‍රොජෙක්ටරය ආධාර කරගනිමින් දරුවනට මෙම අධ්‍යාපනික මෘදු කාංග මගින් විෂයට අදාල සංකල්ප ගොඩනැංවීම සිදුකරනු ලදී.එදින වර්ණ හදුනා ගැනීම යන සංකල්පය සංවර්ධනයට හන්තාන අධ්‍යාපනික මෘදුකාංග භාවිතා කරන ලදී.
මෙහි දී වෙනත් අවස්ථාවන්ට සාපේක්ෂව දරුවන් ඉතාමත් උනන්දුවෙන් පාඩමට සහභාගිවීම දක්නට ලැබුණි, ඉතාමත් විනෝදාත්මක ආකාරයෙන් දරුවන් පාඩමට සම්බන්ධවන අයරු දක්නට ලැබුණි. මෙම අවසථාවේ දී ගුරු තුමියගෙන් වරින් වර මෙම මෘදුකාංග භාවිතා කිරීමට ඹවුනට ද අවස්ථාව ලබාදෙන මෙන් ඉල්ලීම් කරනු දැකගත හැකිවිය. එය මෙම අවස්ථාවට සහභාගීවු දෙමාපියන් , හබරාදුව අධ්‍යාපන කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ තුමන් ,විදුහල්පති තුමන් ඇතුළු ප්‍රදේශවාසීන් ගේ නෙත් වලින් සතුටු කදුළු හැළුනු දසුනක් විය.
වෙනදා දිවා ආහාර වේල ආසන්නයේ දී “බඩගිනියි…..බඩගිනියි…” පවසන ලමුන් එමවේලාව පසු වුවද ඒ සඳහා දරුවන්ගේ අවධානයක් නොවී පාඩම සඳහා යෙමුවී සිටීම විශේෂ සිදුවීමක් විය.
තවද වෙනත් අවස්ථාවලට සාපේක්ෂව මෙම මෘදුකාංග භාවිතය තුලින් විෂය සංකල්ප ලබාදීම ඉතාමත් පහසු බව පංතිය භාර ගුරු තුමිය ද පැවසීය. තවද එදින දරුවන් පාසලෙන් බැහැර යන වේලාව පසුවීත් දරුවන් පංතියේ රැඳී සිටිනු දැකගත හැකිවිය.
පුධාන වශයෙන් ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් ක්‍රියාවලියක් පාසල් පද්ධතිය තුල ක්‍රියාත්මක වන බැවින් තනි පරිගනකයක් සහ “මල්ටිමීඩියා” ප්‍රොජෙක්ටරයක් ඒ සඳහා ප්‍රමාණවත් නොවේ. එබැවින් අඩුතරමින් ළමුන් හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සඳහාවත් එක් පරිගණකයක් තිබීම අත්‍යාවශ්‍යය. අඩු ආදායම් ලාභීන් බහුතරයක් වෙසෙන මෙවැනි ප්‍රදේශවල පාසල් සඳහා දෙමාපියන්ට සහ ප්‍රදේශවාසීන්ට එම අවශ්‍යතාවයන් ඉටු කරදීමේ හැකියාවක්ද නොමැත. එබැවින් මෙවැනි පාසල් සඳහා අනුග්‍රාහකයන් ගේ දායකත්වය ඉතාමත් වැදගත් තැනක් ගනී.
පාසල් අධ්‍යාපනය ගුණාත්මක ලෙස සංවර්ධනය කිරීම රටේ සංවර්ධනයට මහත් පිටුවහලක්වේ. එබැවින් හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්තිය යොදා ගනිමින් තොරතුරු තාක්ෂණයෙන් පාසල් අධ්‍යාපනය සංවර්ධනය කරමින් රටේ ජනතාව සවිබල ගැන්වීම හන්තාන ලිනක්ස් ප්‍රජාවේ අරමුණයි. මෙම අරමුණ වෙනුවෙන් ඔබ අප හා එක්වෙනු ඇතයි අප උදක්ම බලාපොරොත්තුවෙමු
එන්න ඒ දරුවන්ට අනාගත ලෝකයට පිවිසීමට සහය වන්න…
වලපනේ, කටන, මැදවච්චිය ප්‍රදේශ තුළ ඇති පාසැල් තුනක් තුළ ද හන්තාන ලිනක්ස් ප්‍රජාවෙන් බලගැන්වෙන පරිගණක විද්‍යාගාර නිමැවීමට අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් පවති. ගමේ දරුවන්ට තොරතුරු තාක්ෂණයෙන් අකුරු කරන්න අත්වැලක් දීමට ඔබට ද අවස්ථාව ඇත.
හන්තාන පාසැල් පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතිය සඳහා ඔබත් අදම එක්වන්න.
හන්තාන ලිනක්ස් මලල්ගොඩ ශ්‍රී සීවලි ප්‍රාථමික පාසලට හදුන්වාදිමේ විඩියෝව සහ මෙම සටහන ඔබේ නැහිතමිතුරන් අතරේ බෙදා දෙමින් මෙම ව්‍යාපෘතියට ඔබත් දානය වන්න.
විඩියෝව: http://www.youtube.com/watch?v=zTN-6e0Sa_Q
ඔබේ අදහස්, යෝජනා සහ ඔබේ දායකත්වය පිළිබඳ තොරතුරු info@hanthana.org හරහා අපට දන්වන්න.

Sunday, January 22, 2012

ප්‍රනනි පුහුණුව | කිතුල්ගල


ICTA ආයතනය මගින් සංවිධානය කරන ලද රාජ්‍ය ආයතනයන්හි ප්‍රධාන නව්‍යකරණ නිලධාරින් සඳහා වූ පුහුණු වැඩමුළුව 2011 ජනවාරි මස 13 හා 14 යන දිනයන්හිදී කිතුල්ගල Adventure Base Camp හිදි පැවැත්වුනා. ඉතාමත් නැවුම් හා අභියෝගාත්මක අත්දැකීම් රැසකට මුහුණ දීමට ප්‍රනනි න් හැටියට මෙහිදි සියළු දෙනාටම අවස්ථාව උදාවුනා. ‍
Related Posts Plugin for WordPress, Blogger...

Total Pageviews