Subscribe:

Thursday, December 29, 2011

31 රෑ




උදාවන 2012 වර්ෂය ප්‍රදේශවාසි, රටවාසි සැමට සෙත්පතා ආශීර්වාද ප්‍රාර්ථනා කරමින් 2011-12-31 දින රාත්‍රී 8.00 ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා පසුදින උදෑසන සංඝගත දක්ෂිණාවක්
කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ. එදින පැවැත්වෙන මේ උතුම් පිංකම සඳහා සහභාගී වන ලෙස ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.



ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය කැබිතිගොල්ලෑව
பிரதேசச் செயலகம், கெபிதிகொள்ளேவ
Divisional Secretariat, Kabithigollewa.

Monday, November 7, 2011

ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන


ශ්‍රී ලංකා මහ බැංකු‍වේ ව්‍යවහාරික මුදල් ඒකකයේ නිලධාරින් විසින් පවත්වන ලද ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2011.11.04 වැනි දින ප.ව. 1.00 සිට කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුනා. මේ සඳහා ප්‍රදේශයේ සියළු රජයේ හා පෞද්ගලික ආයතනවල නිලධාරින් සහභාගිවූ අතර ශ්‍රී ලංකාව තුල භාවිත වන සියළුම මුදල් නෝට්ටු පිළිබදව  හා ව්‍යාජ ‍නෝට්ටු හඳුනා ගත හැකි ආකාරය පිළිබඳව දැනුමක් ලබා ගැනීමට සහභාගීවූවන් හට හැකියාව ලැබුනා.

Thursday, November 3, 2011

අල්ලස හා දූෂණයෙන් ‍තොර රාජ්‍ය සේවයක් | චිත්‍ර තරඟය



අල්ලස හා දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් යන මාතෘකාව යටතේ කො‍ට්ඨාශයේ පාසැල් දූදරුවන් ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන් චිත්‍ර තරගය.

Wednesday, November 2, 2011

ඩෙංගු මර්ධන වැඩසටහන් | පුවත්

ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ආදර්ශයක් ලෙස කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමිය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් පසුගියදා පැවැත්වුනා. මේ සඳහා ප්‍රාලේ කාර්යාලයේ සේවයේ නියුතු සියළුම නිලධාරින් තම උපරිම සහයෝගය ලබා දුන්නා.‍‍ පැයක පමණ කාලයක් පුරා පැවති මෙම ශ්‍රමදානයේ දී කාර්යාල භූමිය සහ ඒ අවට මාර්ගය පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වූ ආකාරය අරුණැල්ලේ කැමරා ඇසට හසුවූ ආකාරයයි මේ.


Monday, October 31, 2011

සුභ මංගලම්

2011.10.27 වැනි දින අතිනත ගත් කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරි ඉන්දික සහ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරිනි තරංගා දෙපළට අරුණැල්ලෙන් උණුසුම් සුභ පැතුම්.

Friday, October 28, 2011

Future Vision (2011)

Watch how future technology will help people make better use of their time, focus their attention, and strengthen relationships while getting things done at work, home, and on the go.

Thursday, October 27, 2011

ප්ලාස්ටික් බෝතලයකින් ආලෝකය | ලොව වටා පුවත්




පිලිපීනයේ Sitio Maligaya ප්‍රදේශයේ රේල් පාරක් අසල ජීවත්වන දුගී ජනතාවගේ පැල්පත් ප්ලාස්ටික් බෝතලයකින් එලිය කිරීමට එම ප්‍රදේශයේ ජීවත්වන නව්‍ය සිතිවිලි ඇති කණ්ඩායමක් සමත්වී ති‍බෙනවා. කිසිදු ලෙසකින් විදුලි බලය භාවිතා ‍නොකොට හිරු එළිය පමණක් භාවිතයෙන් වොට් 60 ක බල්බයකට සමාන එලියක් ලබා දීමට මෙයට හැකියාව ති‍බෙනවා. වතුර පුරවා මුද්‍රා තබන ලද බෝතලයක් වහලය මත රැඳවීමෙන් මෙම එළිය ලබා දෙන ආකාරය ඉහත දක්වා ඇති විඩියෝ දර්ශනය තුල දැකගත හැකියි. දැනට මෙය ප්‍රදේශයේ නිවාස 650 කට ආසන්න ප්‍රාමාණයක භාවිතා වන නමුත් අවාසනාවකට මෙන් මෙම බල්බය නිවා දැමීම සඳහා නම් ස්විචයක් තවම නිර්මාණය වී නෑ.:)


Tuesday, October 25, 2011

කුංචුට්‌ටු දිය උල්පත් රැකගත යුත්තේ ඇයි !

(මෙම ලිපිය 2011/10/02 දිනැති දිවයින ඉරිදා සංග්‍රහයේ නිම්නය අතිරේකය සඳහා රත්න බී. ඒකනායක නම් ලේඛකයා විසින් රචිත ලිපියකි)
කුංචුට්‌ටු යනු වන්නියාර්වරුන් තැබූ ද්‍රවිඩ නාමයකි. මෙහි තේරුම ''කුඩා දිය උල්පත්'' යන්නය. ''කුංචුට්‌ටු'' එක ගමකට තැබූ නමක්‌ නොවේ. කෝරළයක්‌ ලෙස සැලකෙන විශාල ප්‍රදේශයක්‌ ''කුංචුට්‌ටු'' කෝරළය'' නමින් හැඳින්වේ. නමගිය දේශපාලනඥයකු වූ දිවංගත මෛත්‍රීපාල සේනානායක මහතාගේ උපන්ගම වූ ''කිව්ලේකඩ'' පිහිටා ඇත්තේද කුංචුට්‌ටු කෝරළයේය. ගමකට තැනකට සීමා නොවී මුළු කෝරළය පුරා තැනින් තැන දිය උල්පත් පිහිටා ඇත. කැබිතිගොල්ලෑව අවට පමණක්‌ මෙවැනි පෘථිවියේ විශ්මය ජනක නිර්මාණයන් වූ දිය උල්පත් (28) ක්‌ පිහිටා ඇත. මේ ප්‍රදේශයේ ප්‍රධාන නගරය වන්නේද කැබිතිගොල්ලෑවයි. එල්. ටී. ටී. ඊ. යුද්ධය පැවැති සමයේ මේ ප්‍රදේශය හැඳින් වූයේ එල්ටීටීඊ ත්‍රස්‌තයන්ගේ ''මරණ තිත් පොළ'' හැටියටය. ඊට හේතුවූයේද මෙම දිය උල්පත් පිරුණු සරුසාර ප්‍රදේශය ඩැහැගැනීමට ත්‍රස්‌තයන් නිතර නිතර වළිකෑමයි. කැබිති ගොල්ලෑව පෙරදා ''කුංචුට්‌ටු'' ලෙස හැඳින් වුවත් අද ත්‍රස්‌ත අරගල නිසා ප්‍රසිද්ධවී ඇත්තේ ''සිංහලයාගේ දංගෙඩිය'' ලෙසය.

රත්නපුරයට මැණික්‌ එප්පාවලට පොස්‌පේට්‌ පුල්මුඩේට ඛණිජවැලි බුත්තලට යපස්‌ ඉල්ලම මෙන් රජරටට මහාර්ඝ සම්පත වී ඇත්තේ කැබිතිගොල්ලෑවේ ස්‌වාභාවික දිය උල්පත් විසිඅටය. වකුගඩු රෝගය පිළිබඳ ජාතික ප්‍රශ්නයේදී පානයට ඉතාමත් සුදුසු ජලය මෙම දිය උල්පත්වල පිහිටා ඇතැයි වකුගඩු රෝග පර්යේෂක විශේෂඥ වෛද්‍ය ධම්මිකා මැණිකේ දිසානායක මහත්මිය දැනටමත් නිර්දේශ කර තිබේ. මේ හේතුව නිසා දැන් කැබිතිගොල්ලෑවේ ඇත්තේ උල්පත් දිය ලබා ගැනීමේ තරගයකි. කෙතරම් දුරට මේ දිය තරඟය ව්‍යාප්ත වී තිබේද යත් ගෝනමැරියාව සහ තවත් ප්‍රධාන දිය උල්පත් අසල පොලිස්‌ රැකවරණ යෙදීමට සිදුව ඇතැයි කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් චම්පික ධර්මපාල මහතා පවසයි.

පෙර රජදරුවන් වැව් බැන්දේ අවාට ගියාට නොවේ. හැම වැවකටම පාහේ දිය උල්පත් මැදිකර ගෙන තිබේ. කලවැලක මුලින් උපන් දිය උල්පතක්‌ මුල්කොට කලාවැවද උල්පත් පොකුරක්‌ මතුවූ තැන තුරුවිල වැවද දියඋල්පත් ගොන්නක්‌ මැදිකරගෙන පදවිය වැව ද තවත් එබඳු ඒරුවැව උට්‌ටි මඩුව මාන්නංකට්‌ටිය නාච්චදූව නුවරවැව තිසාවැව වැනි වැව්ද බැඳ ඇත්තේ දියඋල්පත් මැදිකර ගෙනය. ජනප්‍රවාදයේ කියවෙන අන්දමට පෙරදා රජරට පුරාවට දිය උල්පත් 672 ක්‌ පිහිටා තිබේ. උමං ගංගා ලෙස හැඳින්වෙන්නේ මේවාය. කඳුකරයෙන් වෑහෙන දිය ඇලි භූගතවී නැවත ඒවා පොළවට මතුවී ඇත්තේ කුංචුට්‌ටු ප්‍රදේශයෙහි. දේශගුණික විපර්යාසයන් නිසාද මිනිසාගේ වැරදි චර්යා රටා නිසාද අද වනවිට මේ දිය උල්පත් රැසක්‌ සිඳී ගොස්‌ ඇත. තවමත් ඉතිරිව ඇත්තේ කුංචුට්‌ටුවේ දියඋල්පත් පොකුර පමණි. මේවායේ ජලය ලබා ගැනීමට එන්න එන්නම පොරකෑම් වැඩිවීම නිසා කැබිතිගොල්ලෑව ප්‍රදේශීය ලේකම්වරයාද කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාව සහ පොලිසියද මේ මහා ජාතික ධන සම්පත රැකගැනීමේ වැඩපිළිවෙළ තවදුරටත් පුලුල් කළ යුතුව තිබේ.

''කුංචුට්‌ටු' කෝරළය තුළ මුහුදු මට්‌ටමේ සිට අඩි 435 ක්‌ ඉහළින් පිහිටි කඳු වැටියක්‌ පවතී. කුංචුට්‌ටු ප්‍ර්‍රදේශයට දිය උල්පත් ලබා දෙන්නේ මේ කඳුවැටිය ඔස්‌සේය. සිංහයා උල්පත, ගෝනමැරියාව වේරමැදියාව, කැබිතිගොල්ලෑව, බණ්‌ඩාර උල්පොත, කලවැදි උල්පොත, ගරිල්ලා උල්පත, දුනුකෙයා උල්පත කුරුළු උල්පත, වැලිමුව පොතාන, නුවරහීන්න, හල්මිල්ල වැටිය වැනි දිය උල්පත් රැසෙන් සිංහයා උල්පත වැලිමුව පොතාන වැනි මහා පරිමාණයේ වතුර ගලායන දිය උල්පත් වලට රජපීලි සම්බන්ධ කොට පදවිය වැවට ජලය ගෙන ගිය බවටද පවතින පුරාතන නටබුන් දැකගත හැකිය. විශේෂයෙන් කඳුකරයෙන් උමං ගඟක්‌ සේ පැමිණ පොළවෙන් ජලය මතුවූ තැන සිංහයා උල්පත පිහිටා ඇති අතර මෙහි ජලය සිංහ රූපය මැදින් පැමිණ සිංහ කටෙන් පිටතට වැක්‌කෙරෙන ආකාරයට මෙය නිර්මාණය කර තිබූ නමුත් ජාතිවාදයෙන් උන්මාදවී සිටි ත්‍රස්‌තයන් මෙම ගලින් නෙලා තිබූ සිංහරූපය කෑලිවලට කැඩීයන සේ පුපුරුවා හැර ඇත. අද අපේ ඇතැම් අය සිංහධජය මුණ්‌ඩාසනයක්‌ සේ හෝ රෙද්දක්‌ සේ ඇඳගත්තත් එදා සිංහලයා තුළ ''සිංහරූපය'' කෙරෙහි මොනතරම් පිදීමක්‌ තිබුණේ දැයි මේ නිර්මාණයෙන් සිතාගත හැකිය.

ඉහත සඳහන් කළ පරිදි සිංහයා උල්පතේ සිංහයාට කුලුගෙඩි පහර එල්ල කොට විනාශ කර දමා ඇතත් මේ අමනුස්‌සකම් ගැන කිසිවක්‌ නොදන්නා දිය උල්පත මේ අමනුස්‌ස රැළට පෙර පරිද්දෙන්ම මහ පොළොවෙන් ඇතිතරම් දිය පෙරාදෙයි. ගෝනමැරියාවේ පිහිටි සුප්‍රකට පානීය ජල උල්පත අඩිතුනක්‌ පමණ ගැඹුරින් පිහිටා ඇති අතර උල්පතේ ආරක්‍ෂාවට බෝක්‌කු කටක්‌ ගිල්වා තිබේ. මේ දිය උල්පත අසල දවස පුරාම වාහන හත අටක්‌ රඳවා ගෙන දුර බැහැර පෙදෙස්‌වලට වතුර ගෙනයයි. මේ අන්දමට දියබර උල්පත, රන්දිය උල්පත, සිසිල් උල්පත, මහදිය උල්පත ආදී වශයෙන් තවත් දිය උල්පත් අවට විසිරී ඇත.

සිංහයා උල්පතින් සහ ගෝන මැරියාව උල්පතින් ගලායන ජලය එක්‌රැස්‌වන පරිදි ගම්වාසීන් එක්‌ව ටැංකියක්‌ බැඳ තිබූ නමුත් ඒ ටැංකිය දැන් නටබුන්වී ඇත. මෙම උල්පත් දෙකේ දියවර ගෝනමැරියාව රාජමහා විහාරභූමිය මැදින් ගලා ගිය නමුත් මේ වන විට දිය ගලායැම නැවතී ඇත. පොළව මතුපිටම පිහිටා ඇති ගෝන මැරියාව ''සුන්දර දිය උල්පත'' මිනිසාගේ අවභාවිතයෙන් අද වියෑකී යන්නට පටන් ගෙන ඇත. විනාඩි දෙකතුනක්‌ තුළ දෙතුන් දෙනෙකුට නාගත හැකි ජල ප්‍රමාණයක්‌ මෙයින් උනමින් පැවතිණ.

''කුංචුට්‌ටු'' ගමේ කඳුයාය මුදුනේ නිතර දියවර පිටතට ගලායන ප්‍රධාන දියඋල්පත් කීපයක්‌ම තිබේ. මෛත්‍රීපාල සේනානායක මහතාගේ නිජභූමිය වූ ''කිව්වේකඩ''ද දියඋල්පතක්‌ පිහිටා ඇත.

කැබිතිගොල්ලෑව ගමේ පිහිටි ප්‍රධාන ජල උල්පත උදය වරුව පුරාවට ජලය පිටාර ගලයි. නගරයේ ජනතාව නෑමට යොදාගන්නේ මේ ජලයයි. මුළු දවසපුරාම මොනතරම් පිරිසක්‌ නෑවත් මෙහි ජලය අඩු වන්නේ නැත. අඩි 9Ù7Ù3 ප්‍රමාණයේ බිමක පිහිටි මේ ප්‍රධාන දිය උල්පතට කැබිතිගොල්ලෑව නගරයේ සිට මීටර් 200 කට වඩා දුර නැත. නගරයට ආසන්නවම තවත් දිය උල්පතක්‌ පවතී. මෙහි ජලය නුවරඑළියේ ජලය මෙන් තද ශීතලෙන් යුක්‌තය. මෙම දිය උල්පතින් සවස්‌වරුවේ කිසිවෙකු දිය නාන්නේ නැත. ඊට හේතුව ජලයේ ශීතල වැඩිකමයි.

මෙම දිය උල්පත්වලට උඩත්තාවෙන් රක්‌ෂිත වනය පිහිටා ඇත. මෙම රක්‌ෂිත කඳුකර වනය, ජල උල්පත්වල නිර්මාතෘවරයා, මෙම වන රක්‍ෂිතය අක්‌කර විස්‌සක්‌ පමණ වේ. උල්පත්වල දිය සීරාවන් ගලායන්නේ බෑවුම් සහිත මෙම රක්‍ෂිතය මැදිනි. කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ තවමත් සෑහෙන තරමට රජයේ නිදහස්‌ ඉඩම් පවතින නමුත් මෙම දිය උල්පත් පෝෂණය කරන රක්‍ෂිත බිම් ප්‍රදේශයේ සමහර කොටස්‌ අනවසරකරුවන් විසින් අල්ලාගෙන ඇත. මෙය ඉතාමත් කනගාටුදායක සිද්ධියකි. කැබිතිගොල්ලෑවේ ස්‌වභාවික දිය උල්පත් රැකගැනීම කාගේත් යුතුකමක්‌ හා වගකීමක්‌ වුවත් සමහර අය ඒ ජාතික අභිමානය සලකන්නේ නැත. රක්‍ෂිතයේ පදිංචිව සිටින අනවසරකරුවන්ට වෙනත් ප්‍රදේශවලින් ඉඩම් ලබාදී මේ ජාතික සම්පත වහ වහා ආරක්‍ෂා කිරීමට කාලය පැමිණ ඇත.

කැබිතිගොල්ලෑව ස්‌වාභාවික දිය උල්පත්වලට මෙතෙක්‌ පැවැති බාධා අවහිරතා වලට අමතරව දැන් දැන් තවත් බාධක ඇතිවෙමින් පවතී. කැබිතිගොල්ලෑවේ ස්‌වභාවික උල්පත් ජලය ප්‍රණීත සහ පිරිසිදු නිසා කොළඹ ඇතැම් ඇල්වතුර විකුණන සමාගම් මේවාට ඇස ගසන්නට පටන් ගෙන තිබේ. ජාතික හැඟීමක්‌ නැති දේශපාලකයකු ගේ මුවාවෙන් කවුරුන් හෝ මේ දිය උල්පත්වලට රිංගුවොත් එය මුළුමහත් රටටම කරන බරපතළ හානියකි.

මේ අතර කැබිතිගොල්ලෑවේ උල්පත් දිය වකුගඩු රෝග පාලනයට ඉතා සුදුසු යයි වෛද්‍යවරු නිර්දේශකර ඇති හෙයින් දැන් දැන් පිටත්තර ප්‍රදේශවලින් ලොරි පිටින් පැමිණ බැරල් වල ජලය පුරවා ගෙන යන්නට පටන් ගෙන තිබේ. රටක්‌ වටිනා මේ ජාතික සම්පත මේ අන්දමට නන්නත්තාර වන්නට ඉඩහැරීම බරපතළ පාපයකි. මිනිසුන්ට පිරිසිදු ජලය අවශ්‍යය. නමුත් ඒවා ක්‍රමානුගතව බෙදාහැරීමේ වැඩපිළිවෙළක්‌ අවශ්‍යය. මෙය කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවට ධන නිධානයකි. මේ නිසා කැබිතිගොල්ලෑවේ දිය උල්පත් ටික රැක ගනිමින් ඒවායේ ජලය විධිමත්ව ජනතාවට බෙදාදීමේ වැඩපිළිවෙළක්‌ අප්‍රමාදව ඇති කළ යුතුය.

රත්න බී. ඒකනායක

Wednesday, October 12, 2011

ක්‍රිකට් තරඟය | Sports News


ලකුණු පුවරුව
ලයන්ස් කණ්ඩායම සහ වි.වි. කරුණාරත්න කණ්ඩායම
දිනය
: 2011-10-11
ස්ථානය
: කැබිතිගොල්ලෑව මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගනය
පළමු තරඟය (පන්දුවාර 10)
ලයන්ස් කණ්ඩායම
- 112 / 05
වි.වි. කරුණාරත්න කණ්ඩායම
- 80 / 10
තරඟ ජය - කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ලයන්ස් කණ්ඩායම
දෙවන තරඟය (පන්දුවාර 10)
වි.වි. කරුණාරත්න කණ්ඩායම
- 99 / 10
ලයන්ස් කණ්ඩායම
- 84 / 09
තරඟ ජය - VV කරුණාරත්න කණ්ඩායම
තෙවන තරඟය (පන්දුවාර 8)
වි.වි. කරුණාරත්න කණ්ඩායම
- 72 / 08
ලයන්ස් කණ්ඩායම
- 35 / 01 (.වා 3.2 දී)
තරඟ ජය - වර්ෂාව නිසා ජය පරාජයෙන් තොරව අවසන් කරන ලදී

Sunday, October 9, 2011

සුභ පැතුම්

කැබිතිගොල්ලෑව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවය කරන තරංග ප්‍රියදර්ශන මහතා සහ ගයත්‍රි ජයලත් මහත්මියගේ ඉදිරි දිවියට අරුණැල්ල වෙතින් උණුසුම් සුභ පැතුම්

Wednesday, October 5, 2011

ක්‍රීඩා පුවත් | Sports News


කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ලයන්ස් ක්‍රීඩා සමාජය හා VV කරුණාරත්න සමාගමේ ක්‍රිකට් කණ්ඩායම අතර සුහද ක්‍රිකට් තරඟය 2011.10.11 වැනි දින කැබිතිගොල්ලෑව මහජන ක්‍රීඩාංගනයේ දී පෙ.ව. 9.00 සිට පැවැත්වේ.

දෙනෙත රකින දෙනෙත .....


මගේ දෙනෙත නුඹ දෙනෙතම සේ සිතනා 
උදේ හවා රෑ ඒ දෙනෙතම රකිනා
කවා පොවා සිප සනසා සුව සදනා
නුඹයි පියාණන් "පියාණෙනි" මා පුතුවන් රැක දෙවනා

පහන පැයට හිරු නැගෙනට පෙර මා නිවසින් යන්නේ 
රැහැයි ගිගුම් නද ඇරඹෙන යාමේ ආපසු එන්නේ
කුස ගින්දර අප දෙදෙනාගෙම නුඹ දෝතින් සරිවන්නේ
නුඹයි පියාණන් මගේ පමණ නොව පුතු‍ගෙත් අද දවසේ

දරුවන් දන් දී බුදු බව පතනා පියවරු ඉපදුනු මනු දෙරණේ
දරුවන් නොව දරුවන්ගෙත් දරුවන් රකිනා පියවරු නෙත දැවටේ
නොපිරූවත් දස පාරමිතාවන් බුදු බව පතනට ඔවුන් රහසේ
ඒ වැනි උත්තම පියවරුමයි මතු නිවන් දකින්නේ සංසාරේ

Krishantha J | 2011.10.05

Monday, September 26, 2011

වේතනය | Salary


සේවයට ලැබුණු කුලියක්ය
දිවියට ලැබුන දිරියක්ය
මාසයේ අන්තිමට සිදි ඇති
ගලා ගිය නදියක්ය.....

කුලිය වැඩි කර ගන්න
කෑ ‍මොර දුන් නමුත්
එතරම්ම නොලද මුත්
සැනසුමක්ය පවුලට......
මොර දෙන්න බැරිය නුඹ නමින්
සිඳ බිඳ දමා ඇත සිතුවිලි
සිරකරන් හදවතේ ලැබ ගන්නෙමි නුබ
සේවයට සරිලන ලෙසින්.....

[ Ranthunga | ග්‍රාම නිලධාරි ]

Friday, September 23, 2011

සුදු රෙදි කඩ


සුදු රෙදිකඩ මිණුමක් කර ගනිමින්
ඇගේ පිවිතුරු බව විමසන අම්මේ
මිණුමක් වී කුමාර බඹසර
නුඹ පරදියි ඉහලින් අම්මේ

ඒ රෙදි කඩ මත රැදවුන් ලකුණින්
සිනාසුනත් ඔබ අද දවසේ
දහස් වරක් බැදි වරදම සිහිවී
මා සිත ගිණි නාවයි රහසේ

ඇයට හොරා අන් අගනුන් තුරුලේ
දහස් වරක් සැනසුනු පුතු‍ගේ
බිරිදක පිවිතුරු බව විමසන්නට
සුදු රෙදි නොම එලපන් අම්මේ

krishantha J | 2011.09.23 

Monday, September 19, 2011

කැබිතිගොල්ලෑව සිට පුදුකුඩුඉරිප්පු දක්වා

(වට්ටප්පලෛයි කෝවිල අසලදී ගන්නා ලද ඡායාරූපයක්)

කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුභ සාධක සංගමය මගින් සංවිධානය කරන ලද පුදුකුඩුඉරිප්පු චාරිකාව. -  2011.09.17 දින


රෙජිස්ටාර් අශයට නව පෙනුමක්

කාර්යාලයේ රෙජිස්ටාර් අංශයේ ගොඩනැගිල්ල නවීකරණය කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙනවා. ඒ අනුව ඇතුලත බිත්ති වල තීන්ත ආලේප කිරීම, කබඩ්, හා රාක්ක විධිමත් ලෙස නම් කිරීම සහ පැමිණෙන මහජනතාව සඳහා රැඳි සිටීමේ පහසුකම් සැකසීම වැනි වැඩකටයුතු එහි කාර්ය මණ්ඩලය විසින් ඉතාමත් කැපවීමෙන් සිදු ‍කරන අයුරු දකින්නට ලැ‍බෙනවා.
දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය වෙනුවෙන් උප්පැන්න විවාහ මරණ ලේඛණ පරිගණක ගත කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එම වැඩසටහන තොරතුරු තාක්ෂණ නියෝජිතායතන‍යේ මග පෙන්වීම හා අධීක්ෂණය මත මෙමස 26 වැනි දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ කිරීමට නියමිතයි. මෙය ඉ-ශ්‍රිලංකා වැඩසටහන යටතේ සිදුකෙරේ.

අරුණැල්ලෙන් සමුගන්නට...........


තෙවසරක,
සොදුරුතම හැගුම්,
හදවතේ හොවාගෙන......
අපෙන් සමුගෙන යන දිනය
අද එළඹ ඇත.

පුරා තෙවසරක් පුරාවටම.....
මා හද කුටිය තුල
නෙක පදවැල් දමා
නන් අරුත් වැල් යොදා....
මා හැඩ කලේ නුඹමැයි
මගේ තනිකම මැකුවේද ඔබමයි

සබද මා කෙළෙස 
ඔබට යන්නට අවසර දෙම්ද.....
අන් හැමටම වඩා
දැනෙයි මට පාළුව.... තනිකම.....
ඔබ ඉතින් ගිය දාට
මගෙන් බොහෝ දුර ඈත....

-RKMAES


( ප්‍රාලේ කාර්යාලයේ සේවය කල, අරුණැල්ල ‍වෙනුවෙන් නිතර නිර්මාණ ඉදිරිපත් කල සහෝදර නිලධාරි මහත්මයකු ස්ථාන මාරු ලබා යෑම වෙනුවෙන් )



සති අන්ත නිවාඩුව


පරිගණක තිරය මත නොරැදෙමින්
ඉවතකට ඇදි යන මගේ නෙත්
නතරවෙයි දින දසුනේ 
ඉලක්කම් පේලි මත

දින ගනිමි, තවත් ඇති
සති අන්ත නිවාඩුව එළඹෙන්න......

එතෙක් කල් නොඉවසන මගේ සිත
මා වෙතින් මිදි‍ ගොස් නතර වෙයි
හුරු පුරුදු ඒ සොදුරු නගරයෙහි
අතීතයේ මතක සිහිවටන මැද

පෙර දිනක ඔබ සමග ඇවිද ගිය
තුරු හිසින් සෙවණ සැදි මාවතක
මගේ සිත පිය නගයි හුරු ලෙසින් 
අතීතයේ මතකයට තුරුළු වී

වැව් තලය සිප හමන මද නලක එතී එන
මතකයේ රැදුන ඔබ සුවද
සිත විදියි මහත්සේ සොම්නසින්
වළාකුළු බැම්ම මත නතර වී

කිසවෙකුගේ රළු හඩින් තිගැස්සි
ඒ සොදුරු මතකයෙන් මිදෙන විට
දිව ඇවිත් නතර වෙයිමා අසල
කටුක නෙක හඩින් පිරි ගිය මේ බිමෙහි

සිත ඉතින් මිදෙනු මැනවි සිහිනයෙන්
සති අන්ත නිවාඩුව තව දුරය......

-4U
28.03.'09

(අප කාර්යාලයීය බිත්ති පුවත් පතෙහි පල කරන ලද සහෝදර නිලධාරියකුගේ නිර්මාණයකි)

ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා වෙබ් අඩවි නිර්මාණය

 ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් සහා වෙබ් අඩවි නිර්මාණය කිරීම පිළිබව හදුන්වා දීමේ වැඩමුළුවක් 2011.09.16 වැනි දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රාවණාගාරයේදී පැවැත්වුනා. මේ සදහා දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාලේ කාර්යාල නියෝජනය කරමින් නිලධාරින් කණ්ඩායම් දෙකක් ලෙස 2011.09.16 හා 17 යන දිනයන්හී මේ සඳහා සහභාගි වුනා. වැඩමුළුව මෙහෙයවීම මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරි ලෙස සේවය කරනු ලබන  නයනානන්ද මහතා විසින් සිදුකලා. 
පහතින් දැක්වෙන්නේ එම වැඩමුළුවේ අවස්ථා කිහිපයක්.



Related Posts Plugin for WordPress, Blogger...

Total Pageviews