එය ඇරඹුණි…
හන්තාන පසල් පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතිය තුළදි පාසල තුළ පරිගණක විද්‍යාගාරයක් ස්ථාපනය කිරීමට ඇති සැළසුම එලෙසම ඉදිරියට ක්‍රියාත්මක වන අතර ප්‍රාථමික පාසල් සඳහා පංති කාමරය තුළට පරිගණකය රැගෙන යාම නියමු ව්‍යාපෘතියක් ලෙස මලල්ගොඩ පාසැලේදි සිදු විය. ඔබේ වටිනා කාලයෙන් එක් මොහොතක් ගතකර මෙම සටහන කියවා පාසලට හන්තාන ලිනක්ස් ලබා දුන් පළමු දිනයේදීම දරුවන් ගේ ප්‍රථිචාරයන් සහ පාසැල් ගුරුමණ්ඩලය මෙන්ම දෙමාපිය අදහස් කෙරෙහි සවන් දෙන්න.“හොදම දේ දරුන්ට” යන්න සනාථ කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ . ඉමදූව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ හබරාදුව අධ්‍යාපන කොට්ඨායේ ගා/මලල්ගොඩ සිරිසීවලී ප්‍රාථමික විද්‍යාලයේ පලමු වසර දරුවන් සදහා අධ්‍යාපනික මෙවලමක් ලෙස හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය හදුන්වා දීම 2012 ජනවාරි මස 30 වන දින සිදු විය.
වසරක් පමණ වසා දමා තිබු මෙම පාසල නැවත 2012 ජනවාරි මස 16 වන දින පාසල් 1000 ව්‍යාපෘතිය තුල පෝෂිත පාසලක් ලෙස ඇරඹීම සිදුවිය . මෙම ඇරඹුම සදහා පූර්ණ දායකත්වය ප්‍රදේශවාසීන්ගෙන් සහ දෙමාපියන් ගෙන් ලැබීතිබුනි. බහුතරයක් දෙනා එදිනෙදා රැකියාවන් සහ පෞද්ගලික ආයතනවල රැකියා කරන්නන් වීම විශේෂත්වයකි. එසේම මෙහිදී දක්නට ලැබුන සුවිශේසී කරුණක් වූයේ එදිනෙදා සාමාන්‍ය කම්කරු රැකියාවක් කරන පියකු සහ විදේශ ගතව ගෘහ සේවා රැකියාවක් කර මුදල් උපයාගත් මවක ගෙන් යුත් පවුලක් විසින් මෙම පාසල සඳහා රුපියල් 12000/= පමණ වටිනා පරිගනකයක් පරිත්යාගකිරීමයි.
මෙහි දී එම මවගෙන් මෙම පරිත්‍යාගය පිළිබඳ කරුණුවිමසීමේ දී ප්‍රකාශ කරන ලද්දේ තම දරුවා වෙනත් පාසලකට යාමට සිදුවූවා නම් ඇයට මසකට ත්‍රිරෝද රථ ගාස්තු වශයෙන් රුපියල් 1200/=ක් පමණ වැය කිරීමට සිදුවන බවත් , වසරක දී රුපියල් 12000/= පමණ වැය කිරීමට සිදුවන බවත්ය. එබැවින් එම මුදල පරිගනකයක් මිළ දී ගැනීම සඳහා පරිත්‍යාග කර තම දරුවාට මෙන්ම අනෙකුත් දරුවන්ට ද එමගින් අධ්‍යාපනය ලබා දීමට ඉඩසලසා දීම තමාගේ අරමුණ බව පැවසූ ඇය ඒ පිළිබඳව ඉතාමත් නිහතමානීව සතුටුවන බව ද ප්‍රකාශ කලේය.
මෙවැනි දූර දර්ශී අදහස් ඇති ග්‍රාමීය ජනතාවක් මෙම පාසල හා සම්බන්ධවී සිටීම මෙම පාසල තුල හන්තාන මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරමින් ප්‍රාථමික අධ්‍යපනය සඳහා දායකත්වය සැපයීමට ප්‍රධාන කරුණක් විය. තවත් සමහර දෙමාපියන් දිවා කාලයේ තම එදිනෙදා සාමන්‍ය කම්කරු රැකියාව කර පසුව රාත්‍රිකාලයේ නිදිමරමින් පාසල් ගොඩනැඟිලි හා භාණ්ඩ සංවර්ධනය කිරීමට කැපවනු දැක ගත හැකිවිය.
පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 15 දෙනෙකු වූ අතර විදුහල්පති තුමා සහ 1ශ්‍රේණය භාර ගුරු තුමිය සමඟ ඉංග්‍රිසි විෂය සඳහා ගුරුතුමියක් ද සිටියහ. ප්‍රාථමික අධ්‍යාපනය සඳහා හන්තාන අධ්‍යාපනික මෘදුකාංග භාවිත කල පළමු දින අපට විශේෂ සිදුවීම් කීපයක් දැකබලා ගැනීමට හැකිවිය.එක් පරිගනකයක් තිබූබැවින් එදින හබරාදූව කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයට අයත්ව තිබූ “මල්ටිමීඩියා” ප්‍රොජෙක්ටරය ආධාර කරගනිමින් දරුවනට මෙම අධ්‍යාපනික මෘදු කාංග මගින් විෂයට අදාල සංකල්ප ගොඩනැංවීම සිදුකරනු ලදී.එදින වර්ණ හදුනා ගැනීම යන සංකල්පය සංවර්ධනයට හන්තාන අධ්‍යාපනික මෘදුකාංග භාවිතා කරන ලදී.
මෙහි දී වෙනත් අවස්ථාවන්ට සාපේක්ෂව දරුවන් ඉතාමත් උනන්දුවෙන් පාඩමට සහභාගිවීම දක්නට ලැබුණි, ඉතාමත් විනෝදාත්මක ආකාරයෙන් දරුවන් පාඩමට සම්බන්ධවන අයරු දක්නට ලැබුණි. මෙම අවසථාවේ දී ගුරු තුමියගෙන් වරින් වර මෙම මෘදුකාංග භාවිතා කිරීමට ඹවුනට ද අවස්ථාව ලබාදෙන මෙන් ඉල්ලීම් කරනු දැකගත හැකිවිය. එය මෙම අවස්ථාවට සහභාගීවු දෙමාපියන් , හබරාදුව අධ්‍යාපන කොට්ඨාශ අධ්‍යාපන අධ්යක්ෂ තුමන් ,විදුහල්පති තුමන් ඇතුළු ප්‍රදේශවාසීන් ගේ නෙත් වලින් සතුටු කදුළු හැළුනු දසුනක් විය.
වෙනදා දිවා ආහාර වේල ආසන්නයේ දී “බඩගිනියි…..බඩගිනියි…” පවසන ලමුන් එමවේලාව පසු වුවද ඒ සඳහා දරුවන්ගේ අවධානයක් නොවී පාඩම සඳහා යෙමුවී සිටීම විශේෂ සිදුවීමක් විය.
තවද වෙනත් අවස්ථාවලට සාපේක්ෂව මෙම මෘදුකාංග භාවිතය තුලින් විෂය සංකල්ප ලබාදීම ඉතාමත් පහසු බව පංතිය භාර ගුරු තුමිය ද පැවසීය. තවද එදින දරුවන් පාසලෙන් බැහැර යන වේලාව පසුවීත් දරුවන් පංතියේ රැඳී සිටිනු දැකගත හැකිවිය.
පුධාන වශයෙන් ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් ක්‍රියාවලියක් පාසල් පද්ධතිය තුල ක්‍රියාත්මක වන බැවින් තනි පරිගනකයක් සහ “මල්ටිමීඩියා” ප්‍රොජෙක්ටරයක් ඒ සඳහා ප්‍රමාණවත් නොවේ. එබැවින් අඩුතරමින් ළමුන් හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සඳහාවත් එක් පරිගණකයක් තිබීම අත්‍යාවශ්‍යය. අඩු ආදායම් ලාභීන් බහුතරයක් වෙසෙන මෙවැනි ප්‍රදේශවල පාසල් සඳහා දෙමාපියන්ට සහ ප්‍රදේශවාසීන්ට එම අවශ්‍යතාවයන් ඉටු කරදීමේ හැකියාවක්ද නොමැත. එබැවින් මෙවැනි පාසල් සඳහා අනුග්රාහකයන් ගේ දායකත්වය ඉතාමත් වැදගත් තැනක් ගනී.
පාසල් අධ්‍යාපනය ගුණාත්මක ලෙස සංවර්ධනය කිරීම රටේ සංවර්ධනයට මහත් පිටුවහලක්වේ. එබැවින් හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්තිය යොදා ගනිමින් තොරතුරු තාක්ෂණයෙන් පාසල් අධ්‍යාපනය සංවර්ධනය කරමින් රටේ ජනතාව සවිබල ගැන්වීම හන්තාන ලිනක්ස් ප්‍රජාවේ අරමුණයි. මෙම අරමුණ වෙනුවෙන් ඔබ අප හා එක්වෙනු ඇතයි අප උදක්ම බලාපොරොත්තුවෙමු
එන්න ඒ දරුවන්ට අනාගත ලෝකයට පිවිසීමට සහය වන්න…
වලපනේ, කටන, මැදවච්චිය ප්‍රදේශ තුළ ඇති පාසැල් තුනක් තුළ ද හන්තාන ලිනක්ස් ප්‍රජාවෙන් බලගැන්වෙන පරිගණක විද්‍යාගාර නිමැවීමට අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් පවති. ගමේ දරුවන්ට තොරතුරු තාක්ෂණයෙන් අකුරු කරන්න අත්වැලක් දීමට ඔබට ද අවස්ථාව ඇත.
හන්තාන පාසැල් පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතිය සඳහා ඔබත් අදම එක්වන්න.
හන්තාන ලිනක්ස් මලල්ගොඩ ශ්‍රී සීවලි ප්‍රාථමික පාසලට හදුන්වාදිමේ විඩියෝව සහ මෙම සටහන ඔබේ නැහිතමිතුරන් අතරේ බෙදා දෙමින් මෙම ව්‍යාපෘතියට ඔබත් දානය වන්න.
විඩියෝව: http://www.youtube.com/watch?v=zTN-6e0Sa_Q
ඔබේ අදහස්, යෝජනා සහ ඔබේ දායකත්වය පිළිබඳ තොරතුරු info@hanthana.org හරහා අපට දන්වන්න.
1 comment:
මේක නියම වැඩක්. අර ඔයාල අමාරුවෙන් ඇරපු ඉස්කෝලේ තත්වයත් බලල එකෙත් මෙහෙම වැඩක් පටන් ගන්න උත්සහයක් කරන්න. යහපත් අදහසින් අරඹන වැඩ සාර්ථක වෙනවාසිකුරුයි. ජයෙන් ජය වේවා..
Post a Comment