Subscribe:

Saturday, May 19, 2012

නවකයින් පරදා ලයන්ස් පෙරමුණේ


කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ලයන්ස් කණ්ඩායම සහ නවක උපාධිධාරි කණ්ඩායම අතර තරඟ 03කින් සමන්විත වූ ක්‍රිකට් තරඟාවලිය 2-1 ක් ලෙස ලයන්ස් කණ්ඩායමට ජයග්‍රහණය අත් කර දෙමින් ඊයේ(2012.05.19) නිමා වුනා.

ප්‍රථම තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල ලයන්ස් කණ්ඩ‍ායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කල අතර පන්දුවාර 08 තුලදී කඩුළු 05ක් දැවී ලකුණු 99 ක ඉලක්කයක් ප්‍රතිවාදීන්ට ලබා දීමට සමත් වුවත් දුර්වල පන්දු යැවීම සහ නවක උපාධිධාරි කණ්ඩායමේ දක්ෂ පිතිකරණය හමුවේ තරඟයේ ජය නවක උපාධිධාරි කණ්ඩායමට හිමි වුනා.

ලයන්ස් - 99/4
නවකයින් - 100/4

දෙවන තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල නවකයින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කල අතර පළමු පන්දුවාරය තුලදීම සුපුරුදු දස්කම් ප්‍රදර්ශණය කරමින් නවකයින්ගේ කඩුළු 02ක්ම බිඳ හෙලීමට ලයන්ස් ක්‍රීඩකයින් සමත් වූ අතර, දක්ෂ පන්දු යැවීම හා රැකීම හමුවේ නවක උපාධිධාරි කණ්ඩායමට සියළු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 31 පමණී. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ලයන්ස් කණ්ඩායම පන්දුවාර 03 ක් තුල කඩුළු 02ක් පමණක් දැවී දෙවන තරඟයේ ජයග්‍රහණය වාර්ථා කිරීමට සමත් වුනා

නවකයින් - 31/5
ලයන්ස් - 33/2

තුන්වන තරඟයේ කාසියේ වාසිය නැවතත් නවකයින් ජයග්‍රහණය කල අතර මෙවර ඔවුන් පන්දුවට පහර දීම සඳහා ප්‍රතිවාදීන්ට ආරාධනා කලා. ලයන්ස් කණ්ඩායමේ පළමු කඩුළු 03 ඉක්මනින් දවා ගැනීමට හැකි වුවත් 04 වැනි කඩුල්ල සඳහා නායක ඉන්දික සහ අතුල හොඳ සබඳතාවයක් පවත්වමින් කණ්ඩායම පන්දු වාර 08 අවසානයේදී ලකුණු 84 කරා රැගෙන යාමට සමත් වූවා. නැවතත් සාර්ථක හඹා යාමක් අපේක්ෂාවෙන් පිටියට පිවිසි නවක කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ලයන්ස් කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ සුපුරුදු දක්ෂතාවයන් හමුවේ ලබා ගත හැකි වූයේ සියළු දෙනා දැවී ලකුණු 67 ක් පමණී.

ලයන්ස් - 84/4
නවකයින් - 67/5














2 comments:

නජාත් අක්‍රම් said...

තවත් අරුණැල්ලක්!!
ජය වේවා!!

අරුණැල්ල | Arunalla said...

ස්තූතියි රැංගෝ

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Total Pageviews