Subscribe:

Sunday, January 22, 2012

ප්‍රනනි පුහුණුව | කිතුල්ගල


ICTA ආයතනය මගින් සංවිධානය කරන ලද රාජ්‍ය ආයතනයන්හි ප්‍රධාන නව්‍යකරණ නිලධාරින් සඳහා වූ පුහුණු වැඩමුළුව 2011 ජනවාරි මස 13 හා 14 යන දිනයන්හිදී කිතුල්ගල Adventure Base Camp හිදි පැවැත්වුනා. ඉතාමත් නැවුම් හා අභියෝගාත්මක අත්දැකීම් රැසකට මුහුණ දීමට ප්‍රනනි න් හැටියට මෙහිදි සියළු දෙනාටම අවස්ථාව උදාවුනා. ‍

Sunday, January 1, 2012

2011 න් 2012 ට | සැමට සුභ නව වසරක් !

2011.12.31 දින රාත්‍රිය කැබිතිගොල්ලෑව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අපිට සුවිශේෂ දිනයක් වුනා. වසරක් අවසාන‍යේ නිමකල යුතු අධික රාජකාරි වගකීම් වලට අමතරව තවත් වැදගත් කර්තව්‍යක් කාර්යාල පරිශ්‍රයේ සිදු කිරීමට නියමිතව තිබූ නිසයි ඒ. 2012 වර්ෂය ප්‍රදේශවාසි, රටවාසි සැමට සෙත්පතා ආශීර්වාද ප්‍රාර්ථනා කරමින් 2011-12-31 දින රාත්‍රීයේ සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා පසුදින උදෑසන සංඝගත දක්ෂිණාවක් සංවිධානය කිරීමේ වගකීම් සියළු දෙනාට අඩුවක් නොමැතිව පැවරී තිබුනා. සංවිධාන ක‍ටයුතු සති දෙකකට පමණ කලින් සිටම සැලසුම් කර තිබූ නිසත් කවුරු කවුරුත් තම තමන්ගේ වගකීම් හැකි උපරිමයෙන් ම ඉටු කල නිසාත් සෙනසුරාදා සවස් වන විට කාර්යාල භූමිය ඉතා අලංකාර ලෙස සකස් වී තිබුනා. මේ සඳහා කාර්යාල කාර්ය මණ්ඩලය වගේම විශේෂයෙන් ක්ෂේත්‍ර නිලධාරින්ගේද දායකත්වය ලැබී තිබුන අතර කවදත් මෙවැනි කටයුතු වලදී මුල් තැන ගෙන කටයුතු කරන අපේ ග්‍රාම සංවර්ධන නිලධාරිතුමන් දිවා රෑ නොබලා වෙහෙසන ආකාරයත් අපිට දැක ගන්නට ලැබුනා.







ඔන්න මගේ වැඩේ හරි



සොමිදුවෝ බලපන් මලයා කණු ටික කෙලින්ද කියලා......


පොඩි හාමුදුරුවොත් කට්ටිය එක්ක වැඩ


මල්ලි ඔය මෝටරේ ස්විච් එකෙන්ම බලුප් වලටත් කරන්ට් එක දෙමු..
ආ... හරි අයියා හරි


කථා කොර කොර ඉඳලා හරි යන්‍නෑ බොලව්... රෑට කෑම හදන්ඩ තීනවා....
පොඩ්ඩක් හිටපල්ලකෝ බුලත් විටක් කාලම යං



නියමිත වෙලාවත් ලං වුනා.... 





සියළු දෙනාම කාර්යාලය ඉදිරිපිට තිබෙන පන්සල් භූමිය වෙත ගමන් කලා
 



පොඩි හාමුදුරුවෝ 


අපේ ලොකු හාමුදුරුවෝ



ප්‍රාදේශීය ලේකම්තුමන් ගිලන්පස පිළිගන්වමින්


කාටත් හිතවත් කාගෙත් ආදරණීය පියරත්න අයියා


සියල්ල සූදානම්


වැඩේ හරි මචං .... ආයේ මොනවද මම කොටුවක් ගැහුවොත් ඉතින් .... තිතට ඇති.. හොහ් හොහ්
(අපේ ආර්ඩීඕ මහත්තයා)


ඔය ඔක්කොම අතරේ සමහරු මල්කඩන්නත් අමතක කලේ නෑ
(අළුත බැඳපු ඈයෝ නොවැ)


රෑ එලිවෙන තුරාම ආපු හැමෝටම තේ ඩිංගක් දෙන්නත් අමතක කලේ නෑ


හරි සීතයි අප්පා....

තවත් දිනයක ඇරඹුම... තවත් දිනයක් කිව්වට 2012 අළුත් අවුරුද්දේ පළමු දිනය.



 

කැබිලිත්තේ අපිට අළුත් වසරක ඇරඹුම.........


ආ.. මල්ලි උඹ හොදට නිදාගෙන ඉඳලා දැන්ද එන්නේ පොටො ගහන්න

‍කට්ටය ඔන්න ඒකා දෙන්න නැගිටලා එනවා

    
අනේ මචං බුකියේ දාන්ඩ හොඳ පොටෝ එකක් ගන්නකෝ...

මේ අළුත් අවුරුද්දෙවත් මල්ලිට හරි යන්ට ඕනෑ...
අනේ මන්දා අයියා ... මම නෑනේ ඕවට



කථා ඇති... ඔන්න හාමුදුරුවෝ වඩිනවා






අළුත් අවුරුද්දේ හැමෝම පන්සිල් අරගෙන ...




අපේ පොඩි හාමුදුරුවොත් දානෙට


සැමට සුභ නව වසරක් පතමින් කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සර්ව රාත්‍රි පිරිත් දේශනාව හා  උදෑසන සංඝගත දක්ෂිණාවක අවසානය මෙසේ සටහන් කරමි.


ictu @ kabithi 2012.

Related Posts Plugin for WordPress, Blogger...

Total Pageviews